හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ සවිකර ඇති අකුණු සන්නායකයේ අඩි 45 ක් දිග තඹ කම්බි කිසිවකු විසින් කපා සොරකම් කර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත .
මෙම සොරකම කවදා සිදුකර ඇතිද යන්න මෙතෙක් නිශ්චිත වශයෙන් හෙළිකර ගෙන නොමැත.
කම්බි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 1 1/2 ට ආසන්න බවට පැමිණිල්ලේ සඳහන් .