ගෑස් මිලේ වෙනස මෙන්න.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇති අතර  එහි නව මිල වන්නේ රුපියල් 3,127කි.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,256කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587ක් බව සදහන්.

Exit mobile version