මෙරට නිල සංචිත වත්කම්වල සුළු වෙනසක්.

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව මහ බැංකුව වාර්තා කර තිබේ.

මහ බැංකුව පවසන්නේ මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇති බවත් , චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් බවත් ය.

Exit mobile version