බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ වැසිකිලි පද්ධතිය අසල වල දමා තිබූ ගිනි අවි වර්ග දෙකකට යොදන ජීව උණ්ඩ 15 ක් හමුවී ඇතැයි බොරැල්ල පොලිසිය පවසා ඇති බව වාර්තා වේ.
ටි 56 ගිනි අවි වලට හා එම් 16 ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ එලෙස හමුවී ඇත.
බොරැල්ල පොලිස් වසමේ 330/ ඊ 1/04 සර්පන් ටයින් මහල් නිවාස හි පදිංචි පුද්ගලයකු කොළඹ නගර සභා සේවකයින් සමඟ එම මහල් නිවාස සංකීර්ණයට අයත් වැසිකිලි පද්ධතිය පිරිසිදු කිරීමේදී මෙම ජීව උණ්ඩ තොගය හමුවී ඇතැයි පොලීසිය කියයි.
ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු එම ජීව උණ්ඩ පොලීසිය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.
එම උණ්ඩ කලකට ඉහතදී කිසියම් පුද්ගලයෙකු වළ දමන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනු ලබයි.