“ලොඩියා” දකුණු මුහුද ආක්‍රමණය කරයි.

ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය විසින් සදහන් කොට ඇති පරිදි ‘ලොඩියා’ නැමති විෂ මත්ස්‍ය විශේෂය නැගෙනහිර මුහුදු තීරයේ සිට දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව වාර්තාවේ.

එම මධ්‍යස්ථානයේ  ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා දැනුම් දී ඇත්තේ  මෙම ලොඩියා නැමැති විෂ සහිත ජීවියා මිනිස් සිරුරේ දැවටීමෙන් පමණක් මාරාන්තික තත්ත්වයන් ඇති විය හැකි බවත් වසරේ ජූලි මස සිට සැප්තැම්බර් දක්වා මුහුදේ මෙම සත්ත්වයා දැකගත හැකි බවයි.

ඔහු සදහන් කර ඇත්තේ මෙම සත්ත්වයා කුඩා බැලුනයක් ආකාරයට දිස්වන බව හා උදරය ප්‍රදේශයේ දිගු නූලක් වැනි දෙයක් පවතින බවයි. මොනයම් හේතුවකින් හෝ මිනිස් සිරුරේ  මෙම ලොඩියා නැමැති විෂ සහිත ජීවියා ගැටීමෙන් ආසාත්මිකතාවක සිට කම්පන තත්ත්වයක් කරා යා හැකි අතර  ඒ හරහා මිනිසාගේ ස්නායු පද්ධතිය, හෘදය වස්තුව හා ශ්වසන පද්ධතිය බලපෑමක් විය හැකි බවත් වෛද්‍යවරයා සදහන් කර තිබේ.

Exit mobile version