“ LORRAINE” හදිසියේම කොළඹට.

නිල සංචාරයක් සඳහා ප්‍රංශ නාවික හමුදාවට අයත් “  LORRAINE “ නෞකාව අද (11) උදෑසන කොළඹ වරායට පැමිණි බව වාර්තා වේ.

මෙම නෞකාව Air –  Defence Multipurpose Frigate වර්ගයට අයත් දිග මීටර් 142.20 කින් යුතු වන අතර මෙහි කාර්‍ය මණ්ඩලය 154 දෙනෙකුගෙන් සමන්විත වන බවත් , මෙහි අණදෙන නිලධාරී ලෙස Captain Xavier BAGOT කටයුතු කරන බවත් සඳහන් වේ.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව සාම්ප්‍රදායානුකූලව පිළිගැනීම් කටයුතු සිදු කළ අතර ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේ දී පවත්වා තිබේ.

අදාළ නෞකාව මෙරට රැඳී සිටින කාල සීමාව තුළදී එහි සිටි නාවිකයින් මෙරට වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර “ LORRAINE “ නෞකාව ජුලි 15 වනදා දිවයිනෙන් පිටව යාමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

තවද ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයන්ට අයත් මුහුදු තීරයේ දී නාවික අභ්‍යාසයකද නිරත වීමට නියමිත බව සඳහන් වේ.

Exit mobile version