මේ වන විට 2021 ලංකා ප්රීමිය ලීග් (LPL) ක්රිකට් තරඟාවලියේ දෙවන අදියර සඳහා ක්රීඩකයින් තෝරාගැනීමේ කටයුතු අවසන්ව ඇත.
ඒ අනුව එක් සංචිතයක් සඳහා විදෙස් ක්රීඩකයින් 06 දෙනෙකු සහ දේශීය ක්රීඩකයින් 14 දෙනෙකු වශයෙන් සමස්ත ක්රීඩකයින් 20ක් වෙයි.
මෙවර මෙහි විශේෂත්වය වන්නේ කණ්ඩායමේ සිටි ප්රබල ක්රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා මෙන් ම අකිල ධනංජය ,ප්රවීන් ජයවික්රම හා මිනෝද් භානුක යන ක්රීඩකයින් කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගැනීමයි.