ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ නොපවත්වා එය ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩක වෙන්දේසියක් විදෙස් රටක පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බව සදහන්.
ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම්වල තවදුරටත් රඳවාගෙන සිටින සහ කණ්ඩායම්වලින් නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඉදිරිපත් කිරීමට නොවැම්බර් මස 15 දක්වා කල් ලබාදී ඇති බවට විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.