LTTE යේ රත්‍රං සොයා මෙහෙයුම් කළ පුද්ගලයින් පිරිසක් දැලේ.

පුද්ගලයින් පිරිසක් විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුධ සමයේ වළ දමන ලදට සැක කරන රත්‍රං සොයා කැණීම් සිදු කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුරේ නිලධාරීන් විසින් පුද්ගලයින් 08 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (04) වාකරේ -වෙරුගල් පාලම ආසන්නයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමින් යුක්ත ඩයලොග් ගල ප්‍රදේශයෙන් දී මෙම වැටලීම සිදු කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38-52 අතර පසුවන ගුන්නෑපාන, නුගවෙල, වත්තේගම, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, වාකරේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

එමෙන්ම මොවුන් සතුව තිබී රත්‍රං සෙවීම සඳහා භාවිතා කළ ස්කෑන් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති අතර සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වාකරේ පොලිසිය විසින් සිදුකිරීමට නියමිතව ඇත.

Exit mobile version