සුඛෝපභෝගී බස් රථයක් මගී නැවතුමට කඩා වැදිලා – ආච්චි, මුණුපුරා රෝහලේ.

අද (16) දින උදෑසන පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් ගම්පහ සිට නාවින්න දක්වා ධාවනය වෙමින් තිබියදී   මිරිස්වත්ත ප්‍රදේශයේදී බස් නැවතුමක් තුලට  කඩාවැදී  බස් නැවතුමේ රැදී සිටි දෙදෙනෙකු තුවාල ලබා ගම්පහ  මහ රෝහලට ඇතුළත් කොට ඇති බව වාර්තාවේ. 

අනතුරින් තුවාලලබා ඇත්තේ වැලිවේරිය දෙසට ගමන් ගැනීම සදහා  බස් නැවතුමේ සිටි වයස අවුරුදු 65 ක් වන  මිත්තණියක්  සහ ඇයගේ 16 හැවිරිදි මුණුපුරෙකු බව පොලීසිය සදහන් කර තිබේ.

අනතුරට සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර යක්කල පොලිසිය විසින්  වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබේ. 

Exit mobile version