බස්නාහිර පළාතේ කොළඹට ආසන්නව මහා රාවණ ප්‍රෞඩ ශිෂ්ටාචාරයට සම්බන්ධ එකම ස්ථානය වන්නේ රයිගම් රාජධානියේ පිහිටා ඇති වීදියගොඩ රජමහා විහාරය යි. ” විද්ද හීය ” වීදියගොඩ නමින් ව්‍යවහාරය බවට පත්වූ බවත්, එසේත් නොමැතිනම් ග්‍රාම නාමය නිර්මාණය වූ බවත්ය .
වර්තමාන බොල්තුඹේ සමන් දේවාලයේ සිට මහා රාවණ රජතුමා විසින් විදපු හීය වැටුණු ස්ථානය වීදියගොඩ රජමහා විහාරස්ථානය නමින් හදුන්වයි .
බොල්තුඹේ සමන් දේවාලය හා වීදියගොඩ රජමහා විහාරය එක සමාන රේඛාවක පිහිටා ඇති බවත් එකම මුහුණතක මෙම ස්ථාන දෙක ම පිහිටා ඇති බවත් එනම් මුහුණට මුහුණ බලා සිටිනා බවත්ය .
මෙම ස්ථානය ගැන තවත් මතිමතාන්තර කිහිපයක්ම ජනප්රවාදයේ පවතී .
ඒ අනුව වීදියගොඩ රජමහා විහාරය යනු මහා රාවණ ශිෂ්ටාචාරයට සම්බන්ධ ඈත යුගයට දක්වා යන බව නොරහසකි . ඉතින් එවන් අභිමානවත් ඉතිහාසයක් ඇති භූමියක මහා රාවණ රජතුමාගේ දෙවොලක් නිර්මාණය කර ඇති අතර දාසේරා හෙවත් දුසේරාවට මෛත්‍රී සිතින් යුතුව නානුමුර පුජාවක් විශ්වයට මුදා හැරීමට යගු කෞරාණ මණ්ඨක පදනම විසින් බලාපොරොත්තු වෙයි.
විශේෂයෙන් ම කියනවා නම් විශ්වයේ භාෂාව තමයි මෛත්‍රීය කියලා කියන්නේ අපි මේ සියල්ල කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රීය සිතින් යුතුවයි .
එනම් අද දින( 2023 ඔක්තෝබර් 21) සවස 07 ට වීදියගොඩ රජමහා විහාරයේදී ඖෂධීය බෙලි මල් දන්සලක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් යගු කෞරාණ මණ්ඨක පදනම සංවිධානය කරනු ලබන ගැබිනි මව්වරුන් ට සෙත් පතා කරන්නා වූ බෝධි පූජාවට සහභාගි වන සැමට ඖෂධීය බෙලි මල් සහ හකුරු දන්සැලක් පැවැත්වෙන බැවින් එයට ඔබ සැමට සම්බන්ධ වීමට ආරාධනා කරනවා . දැනටමත් එයට අවශ්‍ය සංවිධාන කටයුතු සිදුකර අවසන් .
යගු කෞරාණ මණ්ඨක පදනම විසින් 3 වන වරටත් සංවිධානය කරනු ලබන විශේෂ පූජාවන් , 2023 ඔක්තෝබර් 24 අඟහරුවාදා දින සවස 6 ට ප්‍රථමයෙන් අප මහා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෝධි පූජාවක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්පසුව මහා රාවණා රජතුමා වෙනුවෙන් නානුමුර පුජාව සවස 7 ට වීදියගොඩ රජමහා විහාරස්ථානයේ රාවණ පිලිරුව අභියස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර අවසන් අතර එම පුජාවට ඔබ සැම තෙල් ,මල්,හදුන්කූරු රැගෙන සහභාගි වන ලෙස ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ... !
යගු කෞරාණ මණ්ඨක පදනම
(ඉරිදා මව්බිම)