ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරෙයි.
ප්‍රවේසම් වන්නැයි ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලයි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 පමණ තරමක් තද වැසි ද ,සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි
මධ්‍යම කඳුකරයට ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනයට පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය අද පෙරවරුවේ පියවර ගන්නා ලදී.
මෙමගින් තත්පරයට ඝණ අඩි 2500 ක ජල ධාරිතාවක් පහළ වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන අතර ඵ් හේතුවෙන් වේල්ලෙන් පහල මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස ජනතාවගෙන් එම කාර්යමන්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
සරත් සමරනායක.