එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සමග හෙට (26) දිනයේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගය සඳහා ශ්රී ලංකා දඟ පන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂණ ක්රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මහීෂ්ගේ දකුණු පාදයේ හටගත් වේදනාවක් හේතුවෙන් ඔහු එම්.ආර්.අයි. පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර එහිදි ඔහුට ආබාධයක් නොමැති බවට තහවුරු වී තිබේ.
මහීෂ් තීක්ෂණ ඊයේ (24) දිනයේ දී ශ්රී ලංකා කණ්ඩායම සිදුකළ පුහුණුවීම් සඳහා ද සහභාගි වී ඇති බව සදහන්.