බුදු දහමට අපහාස වන සිදුවීම් පිටුපස ක්‍රියාත්මක වන බලවේගය නිවැරදිව හඳුනාගත යුතු බවට යථාර්ථය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි පවසා ඇති බව වාර්තා වේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි මේ බව පවසා තිබේ.
පසුගිය කාලසීමාව පුරා මෙවැනි පුද්ගලයින් පිළිබඳව සිදුවීම් වාර්තා වී ඔවුන් අත්අඩංගුවට ගත්තද ඔවුන් පසුපස සිටින පුද්ගලයින් සහ සංවිධාන ගැන නිසි විමර්ශනයක් සිදු නොවූ බවට විජිත හිමි වැඩිදුරටත් පෙන්වාදී තිබේ.