ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා සහ ඔහුගේ බිරිඳ අතර තිබෙන පවුල් ආරවුලක් නිසා යුද හමුදා නිලධාරින් සහ ගුවන් හමුදාවේ බලලත් නිලධාරිවරයෙක් සිර අඩස්සියට පත් කර තිබෙන පුවතක් අපට වාර්තා වේ.
මේ බව අනාවරණය වන්නේ එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු අසේල ධර්මසිරි මහතා සමඟ චමුදිත සමරවික්‍රම මහතා පවත්වන ලද අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදීය.
එහිදී අනාවරණය වන්නේ ආරක්ෂක ලේකම්වරයා සහ තම බිරිඳ අතර පවතින පවුල් ආරවුලක් හේතුවෙන් යුද හමුදා පාබල රෙජිමේන්තුවට අයත් මේජර්වරයෙකු වන තාරක ගනේෂ් මෙසේ රහසිගතව තබාගෙන ප්‍රශ්න කරන බවයි.
මෙසේ යුද හමුදා විනය ආරක්ෂක අධ්යක්ෂ මේජර් ජනරාල් සොයිසා නැමැති අයෙකු මෙසේ දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න කරමින් මෙම මේජර්වරයා දැඩි කායික හා මානසික පීඩනයකට ලක් කරමින් සිටින බවද අභ්‍යන්තර තොරතුරු මගින් අපට අනාවරණය වී තිබේ.
මේජර් ජනරාල් සොයිසා යනු රාජ්‍ය සේවා තනතුරක් දරන්නෙකි.එම තනතුර මහජන තනතුරක් විනා ඔහුගේ පුද්ගලික තනතුරක් නොවේ.කමල් ගුණරත්න මහතාගේ සහ තම බිරිඳ අතර පවතින ප්‍රශ්නයක් වැඩි දියුණු කරමින් ඔහුට යම් අපහාසයක් ඇති කිරීම උදෙසා මේජර් ජනරාල්වරයා මෙය කරනවාද විය හැකිය.
එසේම ගුවන් හමුදා බලලත් නිලධාරිවරයාද,ගුවන් හමුදා භාරයේ සිටින බවද මෙහිදී අනාවරණය විය. අප මේ පිළිබඳව විමසීම සදහා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක් උත්සාහ කළද එය ව්‍යර්ථව ගියේය.
එසේම තවත් නිල නොවන ආරංචි මාර්ග මඟින් අපට අනාවරණය වන්නේ අප මීට පෙර පළ කරන ලද පුවත් සම්බන්ධව එම තොරතුරු මාධ්‍යයට හෙළි වුණේ කෙසේද යන්න පිළිබඳවද ප්‍රශ්න කරන බවද අපට වාර්තා වී තිබේ.කෙසේ නමුත් එය නිල වශයෙන් අපට වාර්තා නොවන නමුත් නිල වශයෙන්ම වාර්තා වන්නේ ආරක්ෂක ලේකම්වරයා සහ තම බිරිඳ අතර තිබෙන ප්‍රශ්නයක් මත මෙම ප්‍රශ්න කිරීම සිදු කෙරැණු බවයි.
කෙසේ නමුත් මෙම සිද්ධිය තවදුරටත් දුර දිග ගියහොත් කමල් ගුණරත්න මහතාට දැඩි හානියක් සිඳු වන අතර එය එසේ සිඳු නොවීමට කමල් ගුණරත්න මහතා වගබලා ගත යුතුව තිබේ.මක්නිසාද යත් මේ වන විටත් සමස්ත යුද හමුදාව පුරාම සිද්ධිය ප්‍රචලිත ව තිබේ.මෙය කමල් ගුණරත්න මහතාට සෘජුවම ඔහුගේ පෞද්ගලිකත්වයට හානිදායක සිදුවීමක් බැවින් ඔහු දැන හෝ නොදැන මෙය සිඳුවන්නේනම් වහාම ඔහු මැදිහත් වී මෙම නීතිවිරෝධී අනීතික කටයුතු සිඳු කරන මේජර් ජනරාල් සොයිසාට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.
තවද, අප විසින් මීට පෙර ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ පුවත් කිහිපයක් පළ කරන ලදී.ඒවා අප පළ කර තිබෙන්නේ අපට සෘජුවම ලැබුණු තොරතුරු මතය.එසේම අපට තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ නම්,ලිපින,දුරකථන අංක ඇතුළු සමස්ත වාර්තාවක්ම අප වෙනමම සකසා තිබේ.අප එසේ සාක්ෂි මත පළ කර තිබෙන සියලු පුවත් සත්‍ය බවද අසේල ධර්මසිරි මහතාද මෙහිදී තහවුරු කරන ලදි.
එසේම ආරක්ෂක ලේකම්වරයා අප ආයතන හිමිකරුට එරෙහිව නඩු පවරන්නේනම් ඒ වෙනුවෙන් සාක්ෂි ලබා දීමට ඔහු සමඟ සක්‍රීය සේවයේ රණවිරුවන්ද ඉදිරිපත් වන බව ඔහු සපථ කරන ලදි. එසේම චමුදිත සමරවික්‍රම මහතා වෙනුවෙන්ද සාක්ෂි ලබා දීම සඳහා ඔවුන් ඉදිරිපත් වන බවද මෙහිදී සඳහන් කරන ලදී.චමුදිත සමරවික්‍රම මහතාගෙන්ද මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු පවරන බවට එන්තරාවාසි යොමු කර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
එසේ නමුත් අධිකරණ වල නඩු පවරා ඒවායෙහි සාක්ෂි සම්පිණ්ඩන සකස් වීම සිඳු වන්නේ අවුරුදු 3ක් 4ක් පසු වූ විටය. ඒ වන විට ආරක්ෂක ලේකම්වරයා තනතුරේ සිටීවිද ? යන්න සැක සහිතය.එසේම අප මේ වන විටත් අපගේ සාක්ෂි ලැයිස්තුව සකසා අවසන් අතර ඔවුන්ගේ නම්, ගම්, ලිපිනයන්ද සකසා අවසන් කර තිබේ.ඒවා අධිකරණයට ඉදිරිපත් වන්නේ තවත් අවුරුදු 4ක් 5ක් ගිය පසුව වීමද මෙම නඩුවල තිබෙන විශේෂත්වයකි .
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත විඩියෝව නරඹන්න.