අධික වැසි හේතුවෙන් මාකදුර නගරය සහ දිද්දෙනිපොත ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වි ඇති බව වාර්තා වේ.
මාකදුර නගරය ජලයෙන් යටව තිබූ අතර මුලටියන – මාතර ප්‍රධාන මාර්ගය මාකදුර සහ දිද්දෙනිපොත ප්‍රදේශයෙන් ජලයෙන් යටව පැවැති බව වාර්තා වේ.
මාකදුර නගරයේ කොටසක් ජලයෙන් යටව ඇති අතර නිවාස,වෙළදසැල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටව ඇත.
වැස්ස අඩු වුවත් වෙනත් ප්‍රදේශවලට බලපා ඇති වැසි හේතුවෙන් කිරම ආර පිටාර ගැලීම නිසා මාකදුර නගරය ඇතුළු අවට පහත්බිම් ජලයෙන් යටවෙමින් පවතින බව වාර්තා වේ.