කායික ආබාධ සහිත පුද්ගලයින් සඳහා තම ඡන්දය ප්‍රකාශ කිරීමට ජංගම ඡන්ද මධ්‍යස්ථානයක් ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව අදාළ පුද්ගලයාගේ නිවසටම ගොස් ඡන්දය ලබා ගැනීමට කටයුතු කෙරෙන බවත් , ඊට අදාළ නීති සංශෝධනය විය යුතු බවත් , ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත ඡන්ද දායකයින්ට මැතිවරණ දිනයට පෙර දිනයක තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනයට යොමු කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කර තිබේ.