මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Sultan Iskandar) දිවුරුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු මැලේසියාවේ 17 වන රජු ලෙස රාජ්‍යත්වයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය අද (31) පවත්වා ඇති අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු පිරිසක් එක්ව තිබේ.
සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වු දෙවන පාලකයා බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.