මන්දපෝෂණය උග්‍ර අතට.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දරුවන් අතර මන්ද පෝෂණය ඇතුළු පෝෂණ ඌනතාවයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවට විශේෂඥ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව පවසා ඇති බව වාර්තා වේ.

ඒ අතර බර අඩු වීම හෙවත් කෘශභාවය දක්නට ලැබෙන දරුවන් වැඩි පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ඔහු පවසා තිබේ.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා වලට අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 අවසන් වන විට දරුවන්ගේ උස, බර අඩුවීම් ඇතුළු පෝෂණ අර්බුද රට පුරා දක්නට ලැබෙන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version