අඹ ගොවීන් අසරණ වෙලා.

අතරමැදි වෙළෙඳුන් උසස් තත්ත්වයේ ටොම් ජේ සී අඹ අඩු මිලට ගැනීම හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ අඹ වගාකරුවෝ අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ.

මේ වනවිට වෙළදපොලේ ටොම් ජේ සී අඹ රුපියල් 750 වැනි වැඩි මිලකට අලෙවි වුවද වෙළෙන්දන් ගොවීන්ගෙන්  අස්වනු රුපියල් 250 වැඩි ඉතා අඩු මිලකට මිලදී ගන්නා බවත් වගාකරුවන්ට නිෂ්පාදන වියදමක් හිමි නොවන බවත් ඔවුහු පවසති.

මැදිරිගිරිය, බකමූණ, හැගුරක්ගොඩ, අත්තනකඩවල, දිඹුලාගල, වැලිකන්ද, හබරණ වැනි ප්‍රදේශ රැසක ගොවි ජනතාව සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් අක්කර විශාල ප්‍රමාණයක මෙම අඹ වගාව සිදු කර තිබේ.

උසස් තත්ත්වයේ අඹ පැලයක් රුපියල් 800 වැනි මිලකට මිලදී ගත් අඹ පැල සිටුවා වසර 3 සම්පූර්ණ වන කාල සීමාව වනවිට අඹ පළදාව ඇති වන බවට ගොවීහු පවසති. 

මේ දිනවල විශාල වශයෙන් අස්වනු නෙළමින් බවතින බවත් සිය නිවෙස්වලටම පැමිණ රුපියල් 200-250 වැනි මිලකට අස්වනු ලබා ගැනීමට වෙළදුන් පැමිණෙන බවත් කෙසේ හෝ අස්වනු ඉදී නාස්ති වීම වැලැක්වීම සදහා ඒ් මිලට හෝ අස්වනු ලබා දීමට තමන්ට සිදුව ඇති බව ඔවුන් කීය.
ඔවුන් අඩු මිලකට ගන්නා අඹ කි‌ලෝව රුපියල් 700 පමණ අලෙවි වීම දුටු විට  දැඩි සිත්වේදනාක් ඇති වූ බව ගොවීහු කියති.

Exit mobile version