අඹ මිල පහළට .

මෙරට අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන වියලි කාලගුණයෙන් පසු ඇතිවු වර්ෂාව අඹ අස්වැන්න ඉහළ යාමට හේතුවී ඇති බවයි.

රුපියල් 800ත් 1000ත් අතර මිලක පැවති TEJC අඹ කිලෝව මේ වන විට රුපියල් 400-500 අතර මිලක් දක්වා පහත වැටී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දිවයින පුරා අක්කර දහස් ගණනක අඹ වගා කරන අතර අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගා කිරීම නිසා මිල පහල යාම මගින් නිෂ්පාදනය අඩාල විය හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

මෙම තත්ත්වය යටතේ අඹ වගාව තවදුරටත් ව්‍යාප්ත කළ යුතු දැයි විද්‍යාත්මක වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

Exit mobile version