පාතාල කල්ලි සාමාජිකයෙකු වන “මන්නා රමේෂ්” නැමැත්තාව ඩුබායීහීදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම්දී තිබේ.
ඒ අනුව ඔහුව මෙරටට ගෙන ඒම සඳහා ඉදිරියේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරටට යෑමට නියමිත බව වාර්තා වෙයි.
අවිස්සාවේල්ල සහ ඒ ආසන්න ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙරට පොලිසිවලට අවශ්‍යව සිටි “මන්නා රමේෂ්” නමැත්තා ඩුබායිහි සැඟව සිටින බව වාර්තා වේ.
ඒ අනුව ඔහු මෙරටට භාරදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඩුබායි පොලීසියෙන් ඉල්ලීමක් සිදු කර තිබුණි.