මාරාන්තික නිපා වෛරසය ආසාදිතව සිටි කේරල ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මියගිය බව ඉන්දීය සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් කුඩා දරුවකු ඇතුළු රෝගීන් කිහිපදෙනෙකු හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බවයි.
නිපා වෛරස් ආසාදිතයින් සමග සමීප සබඳතා පැවැත්වූ 700 කට වැඩි පිරිසක් පරීක්ෂා කර ඇති අතර ඔවුන් ආසාදිතයින් දැයි මෙතෙක් තහවුරු වී නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
කේරල ප්‍රාන්තයේ පාසල් කිහිපයක් ද වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවා සහ කාර්යාල කටයුතු තාවකාලිකව නතර කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා තහවුරු කර තිබේ.