බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ වන විට සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 ක් වුවත් , දැනට එහි සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,663 ක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේ දී අනාවරණය වූ බව වාර්තා වේ.
සමස්ථ සේවක සංඛ්‍යාවේ වැඩි වීමක් අවශ්‍ය නම් එයට අදාළව සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස ගිණුම්කාරක සභාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.