කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව කුඩා ගල්ලිදවැව ප්රදේශයේ නිවසක් තුළ උදැල්ලකින් පහරදී නාවික හමුදා බෑනා නැන්දම්මාව ඝාතනය කර ඇතැයි වාහල්කඩ පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
53 හැවිරිදි වියේ පසුවන තිදරු මවක් වන කේ.ඩබ්ලිව්. රීටා ජනෙට් නමැති කාන්තාවක මෙසේ ඝාතනය කර තිබේ.
මෙම කාන්තාවගේ වැඩිමහල් දියණිය සහ ඇයගේ විවාහක සැමියා අතර කලක් තිස්සේ පැවති ගැටුම් හේතුවෙන් එම දියණිය සැමියා අතහැර මවගේ නිවසට පැමිණ ජීවත්වෙන බවත් සිද්ධිය වූ ඊයේ රාත්රියේ 07.45 ට පමණ නිවසට පැමිණ ඇති ඝාතකයා උදැල්ලකින් තම නැන්දම්මාගේ හිස සහ මුහුණ ප්රදේශයට පහර දී ඇති බවත්,ඒ හේතුවෙන් බරපතල තුවාල ලබා, බිම ඇද වැටී ඇති ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බවත් පොලීසිය සඳහන් කර තිබේ.
උදැල්ලකින් ප්රහාරය එල්ල කර නැන්දම්මා ඝාතනය කළ සැකකරු ගාල්ල ප්රදේශයේ නාවික හමුදා කඳවුරක සේවය කරන නාවික හමුදා බටයෙක් බවද පොලීසිය සඳහන් කර තිබේ.