මාර්ක් සකර්බර්ග්ට ආබාධයක්.

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ට සැත්කමක් සිදු කර ඇති බව වාර්තා වේ.

දණහිසේ සිදු වූ අබාධයක් හේතුවෙන් ඔහු මෙම සැත්කමට භාජනය කර ඇති බව සදහන්.

සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පණිවුඩයක් තබමින් මාක් සකර්බර්ග් මේ බව සඳහන් කර තිබේ.

එසේම තමන් පිළිබඳ සැලකිලිමත් වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය කෘතඥතාව දක්වන බව ද සකර්බර්ග් පවසා තිබේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත මිශ්‍ර සටන් කලා (MMA) තරගයක් සඳහා තමන් පුහුණු වෙමින් සිටි බවත් ආබාධ තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

සුව වීමෙන් අනතුරු ව නැවත MMA පුහුණුවීම් සඳහා එක්වීමට සූදානමින් සිටින බව පවසා ඇති මාක් සකර්බර්ග්, ආදරය සහ සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම සිය ස්තූතිය ද පුද කර තිබේ.

Exit mobile version