මාර්ක්ගේ නව සැලැස්ම .

සිය ව්‍යාපාර කටයුතු තවදුරටත් කාර්‍යක්ෂම කිරීමේ අරමුණින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වය දරණ මෙටා ප්ලැට්ෆෝම්ස් සමාගමෙහි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් විසින්  නැවතත් සේවක කප්පාදුවක් සිඳු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

2023 වර්ෂය කාර්‍යක්ෂමතා වසර බවට පත් කිරීම මෙහි අරමුණ බව සඳහන්.

මෙම සේවක කප්පාදුවෙන් එහි සේවය කරන තාක්ෂණික ඉංජිනේරුවන්ට සහ අනෙකුත් සේවකයන්ට බලපෑම් ඇති කරන බවත් ඒ යටතේ සේවකයින් 10,000ක් පමණ ඉවත් කිරීමට නියමිත බවත් ,  මෙම ක්‍රියාවලිය මාස කිහිපයක් පුරාවට සැලසුම් කර තිබෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය  වැඩි දුරටත් වාර්තා කර තිබේ.

Exit mobile version