ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සියෙරා නෙවාඩා කලාපයට දැවැන්ත හිම කුණාටු අවදානම් තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් යොසිමිටේ ජාතික වනෝද්‍යානයේ අවට ඇති හිම ක්‍රීඩා මධ්‍යස්ථාන වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.
එම ප්‍රදේශවලට අඩි 10ක් දක්වා උසට හිම පතනය වීමේ අවදානමක් පවතින හෙයින් එරට අධිවේගී මාර්ගයක් ඇතුළු තවත් මාර්ග කිහිපයක් වසා දමා ඇති බව සදහන්.
එමෙන්ම කඳුකරයේ සුළං වේගය පැයට කිලෝමීටර 225ක් දක්වා ඉහළ යා හැකි බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.