නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඹුරුපිටිය සහ මාතර ප්‍රදේශවල ජල ගැලීමට ලක් වූ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් එලෙසම පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
වාර්මාර්ග අධ්යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල මාර්ග භාවිත කරන රියදුරන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.
“නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් අද දිනය පුරාමත් පැවතිය හැකියි. ඒ තත්ත්වයේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ වන අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟේ පහත්බිම්වල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකියි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ග හා අතුරුමාර්ග භාවිත කරන රියදුරු මහතුන් මේ තත්ත්වය ගැන දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු අතර මහජනතාව මේ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත් සඳහන් කරන්න කැමතියි.”
පිටාර ගැලීමට ලක්වූ කිරිඳි ඔයේ ජල මට්ටම මේවන විට සාමාන්‍ය මට්ටමට පත්ව ඇති බවට එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.