මාවනැල්ල නගරයේ ප්රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට කඩ පෙළක ඊයේ (28) රාත්රියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 30ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
වහා ක්රියාත්මක වූ පොලීසිය මාවනැල්ල ප්රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකය හා ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.
නමුත් ගින්නෙන් පලතුරු, රෙදිපිළි සහ ප්ලාස්ටික් භාණ්ඩ තිබූ කඩ රැසක් විනාශ වී තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.