සරු ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂිකා තලතා ලලනි මාරඹේ බස්නායක මහත්මියට අමා මහ නිවන් සුව ලැබේවා!

සරු ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂිකා තලතා ලලනි මාරඹේ බස්නායක මහත්මිය හදිසියේ ඇති වු රෝගාබාධයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මිය ගියේය.

විශාල ධනස්කන්ධයක් තිබුණත් කාටත් හිතවත්, ලෙන්ගතු මානව හිතවාදී ගුණධර්මවලින් යුතු ඇය 1974.08.15 වැනි දින ඉපදී ඇති අතර විවාහව සිටියේ සරු සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂක රුවන් බස්නායක මහතා සමගිනි.

දෙදෙනාට දාව පුතුන් දෙදෙනෙක් සහ එක් දියණියක් සිටින අතර එම දියණිය ගොඩකවෙල කුලරත්න මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන්නීය.

මේ ගොඩකවෙල රංජිත් කෝණාර විසින් මිය ගිය තලතා මහත්මිය පිළිබඳව තම මුහුණු පොතේ තබා තිබූ සටහනකි….

ගොඩකවෙල පුරවරයේ
සරුවට වැඩුනු ඒ සදාදරනීය ආදර අන්දරය තුලින් ව්‍යාපාර ලෝකය දිග් විජය කරන්නට රුවන් බස්නායක නමි අති සාර්ථක ව්‍යවසායකයාට ඇය තරමි හයියක්,රුපියල් කොළ වල පවා නොතිබෙන්න ඇති ,
90,91 කාල වකවානුවෙි ඇය හා සබැදි ඒ සෙනෙහසට අරුතක් එක්කරමින් “සරු නමි ව්‍යාපාරය” සරුවට ගොඩනගන්නට සියක් දහසකට රැකියා මංපෙත් සලසන්නට
ඔහුට ඇය අත්වැලක් වුණි.
අධි සුඛෝපභෝගී ගමන් රථ දහයක් දොලහක් දැසි දස්සන් විසි තිස්ගණනක් සිටියද “තලතා ගිරාඹෙි”
මැතිනිය ගොඩකවෙල මහජන පොළට පැමිණියේ තනිවම රිය පදවාගෙන දෙපය බාටා දෙකකින් සරසාගෙන සරල ඇදුමකින් සැරසීගෙනය, අප කොතන දුටුවත් ඇය මුව පුරා සිනාසී අප ආයතන ප්‍රධානියා ගැන විමසයි, පොත පතට දැඩි ඇල්මක් දක්වන ඇය නිතර අප පොත්හල් වෙත පැමිනෙයි, රුපියල් ශත, ව්‍යාපාර, තරු පංතියේ හෝටල්, ඇය නමට ලියවෙන කළ ඇය තව තවත් නිරහංකාර ම විය .
සරමකින් කමිසයකින් සැරසුන “රුවන් බස්නායක මහතා” ගොඩකවෙල නගරයේ අප නෙත ගැටෙන්නේ ඇය⁣ගේ නිරහංකාර නිහතමානි කමට නොදෙවෙනි වෙමින්ය,
ලොව ලැබිය යුතු ඉහලම සැප සමිපත් ලබමින් සැපවත් ජිවිතයක් ගතකරන්නට සියලු දෑ ඇය සිය දරුවන් තිදෙනාට උරුම සපල කර දුන්නේය, ඊටත් වඩා රන් රුවන් සේ වටින මිනිස්කම, හා ගමෙිකම, නිරහංකාර ගතිගුණ ඇය සිය දරුවන්ට අපූරු ලෙස දායද කොට ඇත, අදද ඔහුන් කොයි කාටත් කතාබහ කරන්නෙ අයියේ, අක්කේ, කියමිනි
.

එහෙත් තථාගත වදන මොනවට පසක් කරමින් අප කෙදිනක හෝ සියල්ල හැරදා යා යුතුමය .
තලතා ගිරාඹෙි මැතිනියටද ඒ සදාතන දහම පොදුවිය .

ඉතිං මැතිණිය පතමි
අමා මහ නිවන් සුවයම ඔබට

රංජිත් කෝණාර “

අපද ඇයට උතුම් වූ අමාමහ නිර්වාන සුවයම පතන්නෙමු.. ලැබේවා! …..අවසන් කටයුතු අඟහරුවාදා සවස පවුලේ සුසාන භූමියේදී.

Exit mobile version