දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගීන් වැඩිවෙලා.

දිස්ත්‍රික්ක නවයක සරම්ප රෝගින් වැඩිවී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මේ අතර අදාළ දිස්ත්‍රික්ක නවයේ සිටින මාස 06 – 09ත් අතර වයසේ පසුවන ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීම ජනවාරි 6 වැනිදා සිදුකිරීමට නියමිත අතර එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාලයේදී ළඟම පිහිටි රෝහලෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සායනයෙන් මෙම එන්නත ලබාගත හැකි බව සදහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාප කාර්යාලය සහ ජීනිවා කාර්යාලය සමග සාකච්ඡා කර ඔවුන්ගේ විද්වත් අදහස් ලබාගනිමින් මෙරට සරම්ප නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

එසේම මාස 09 – 15ත් අතර වයසේ පසුවන ළදරුවකුට මෙතෙක් සරම්ප එන්නත් ලැබී නොමැතිනම් ඔවුනට ද එදින මෙම සායනවලදී එම එන්නත් ලබාගැනීමේ හැකියාව ඇතැයි ලේකම්වරයා පවසා තිබේ.

Exit mobile version