ඖෂධ හිගය

මේ දිනවල රජයේ රෝහල්වල පවතින ඖෂධ හිගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම් සභාව මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.

ඊයේ (15) දින මෙම පරීක්ෂණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති ,ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනයන් නම් කර සිතාසි යොමු කර තිබූ අතර මෙහිදී අදාල ආයතන නියෝජනය කරමින් තීරණ ගත හැකි මට්ටමේ නිලධාරින් සහභාගි නොවීම නිසා පැමිණිලි විභාගය ලබන 23 වනදාට කල් දමා තිබේ.

ඒ අනුව ජාතිකමය වැදගත්කමක් සහිත ගැටලුවක් වූ මෙය කල් ගත කිරීමකින් තොරව කඩිනම්න් විසදා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට මානව හිමිකම් කොම්ෂම සදහන් කර තිබේ.

Exit mobile version