එංගලන්තයේ නොටිංහැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් බිහිසුණු මාර්ග අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ 31 හැවිරිදි ඕෂද ජයසුන්දර නොටිංහැම් හි මාර්ගයක ගමන්කරමින් සිටියදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ඔහුව හප්පා තිබුණි.
එම මෝටර් රථය පිටුපස පොලිස් රථයක් පැමිණ ඇති අතර එය පොලීසියෙන් මිදීම සඳහා අධික වේගයෙන් ධාවනය කරමින් තිබියදී අදාළ අනතුර ට ලක්වී තිබේ.
පොලීසිය පැවසුවේ ඕෂද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බවයි.
එම මරණය සම්බන්ධයෙන් 27 හැවිරිදි ජෝෂුවා ග්‍රෙගරි නම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ මෝටර් රථයට රක්ෂණයක් ද තිබී නැත.