මෙරාපි ගිනි කන්ද සක්‍රීය වෙයි.

ඉන්දුනීසියාවේ පිහිටි වඩාත්ම සක්‍රීය ගිනිකන්දක් ලෙස සැලකෙන මෙරාපි ගිනි කන්ද නැවතත් සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කිලෝමීටර් 1.3ක් තරම් ඉහළට ගිනි කන්දේ අළු විදාරණය වෙමින් පවතින බවට වාර්තා වෙයි.

ගිනි කඳු විදාරණය හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස, වගාබිම් සහ රථවාහන සියල්ලම පාහේ අලුවලින් වැසී ගොස් ඇති අතර, ඒ ආශ්‍රිත ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ගිනි කන්දෙන් තවදුරටත් ලාවා විදාරණය විය හැකි බවත්, එය අවට නිම්නය ඔස්සේ, ගිනි කන්දෙන් කිලෝ මීටර් 4.5ක් දුරින් පිහිටි ගංගාවට ගලා යාමේ අවදානමක් පවතින බවත් විද්‍යාඥයින් පුරෝකථනය කර තිබේ.

Exit mobile version