මෙරාපි ගිනි කන්ද සක්‍රීය වෙයි.

ඉන්දුනීසියාවේ මෙරාපී ගිනි කන්ද සක්‍රීය වී තිබෙන අතර කිලෝමීටර් එකහමාරක් පමණ දුරට මෙම දුමාරය පැතිරී ඇති බවට වාර්තා වේ.

ජනතාවට නිවාසවලින් ඉවත් වීමට දැනුම් දී නොතිබුනත් ගිනි කන්දේ සිට කිලෝමීටර් 3ත් 7ත් අතර භූමි ප්‍රදේශයක් අවදානම් කලාප වශයෙන් නම් කර ඇති බවට වාර්තා වේ.

ඉන්දුනීසියාවේ උසම ගිනිකන්ද වන මෙය වඩාත් සක්‍රීයම ගිනිකදු වලින් එකක් වූ අතර 2010 වසරේදී මෙය සක්‍රීය වීමෙන් 350කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තා වේ.

Exit mobile version