ශ්රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසයේදී 14.6%කින් අඩුවී ඇතිබව නවතම දත්තවලට අනුව වාර්තා වී තිබේ.
ශ්රී ලංකා රේගුව නිකුත් කර තිබෙන දත්ත අනුව පෙනී යන්නේ 2023 ඔක්තෝබර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 898ක් දක්වා අඩුවී තිබෙන බවයි . එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 13.13%ක අඩුවීමක් බව සඳහන් .
ඊට ප්රධාන හේතුව ඇඟලුම්, රෙදිපිළි, රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන, පොල් හා පොල් ආශ්රිත නිෂ්පාදන වල අපනයන ඉල්ලුම අඩුවීම බව වාර්තා වේ .