Meta සමාගම විසින් සිය සමාජ මාධ්‍ය වේදිකා සඳහා නව ආරක්ෂණ මෙවලමක් හදුන්වා දී තිබෙන බව වාර්තා වේ.
එය Parental Controls නමින් හදුන්වයි.
මෙම මෙවලම හරහා දරුවන්ගේ Facebook Messenger ගිණුම පාලනය කළ හැකි බවත් , විනාඩි 20කට වඩා අධික කාලයක් Facebook භාවිතා කරන්නේ නම් ඉන් ඉවත්වන ලෙස පණිවිඩයක් ලැබෙන බවත් සඳහන් වේ.
එමෙන්ම අවුරුදු 13 ට වැඩි දරුවන් සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කිරීමේ දී ඇතිවන අහිතකර තත්ත්වයන් සඳහා පිළියමක් වශයෙන් ද මෙම ක්‍රමය ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.