යුද ගැටුම් හමුවේ මෙටා නව තීරණයක් ගනීයි.

ෆේස්බුක්හි හිමිකරු විසින් මෙටා ආයතනය ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිළිබඳ මත පළ කිරීම් සීමා කිරීමට තාවකාලික පියවරක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව අදහස් පළකිරීම සඳහා ලබාදී ඇති පෙර සැකසුම් වල වෙනස් කිරීමක් සිදුකර තිබේ.

එම පහසුකම හරහා යමෙකු පළකරන Post එකකට ෆේස්බුක් මිතුරන්ට සහ අනුගමනය කරන්නන්ට පමණක් අදහස් පලකිරීමට අවසරය හිමි වෙයි.

එමෙන්ම පරිශීලකයින්ට ඕනෑම වේලාවක ඉන් ඉවත් වීමට සහ සැකසීම් වෙනස් කිරීමට හැකි බව මෙටා ආයතනය වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version