මයිකල්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය අද(30) පෙරවරු 9ට පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිත බවට වාර්තා වේ.

දේහය පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබෙන අතර ජනපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවසන් ගෞරව දැක්වීමට නියමිතය.

ජෝශප් මයිකල් පෙරේරා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කතානායකවරයා ලෙස 2001 වසරේ දෙසැම්බර් 19 වැනිදා සිට 2004 වසරේ පෙබරවාරි 07 වැනිදා දක්වා කටයුතු කර තිබේ.

Exit mobile version