මිහිජය උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුව ගත් බවට මිහි ජය සෙවණ පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු හතලිහක පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබේ.
ඉකුත් ජනවාරි 15 වැනි දින ඝාතනයට ලක් වූ පුද්ගලයාව දුරකථන ඇමතුමක් ලබා දී මහල් නිවාස සංකීර්ණයෙන් පිටතට ගෙන්වාගෙන තීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් තිබිණි
ඒ සම්බන්ධයෙන් මිහි ජය සෙවන පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස් මට්ටක්කුලිය ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කන්ජි පානි ඉම්රාන් සහ සෙල්වි යන අයගේ සමීපතයන් බවට අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.
උපුටා ගැනීම -ලංකාදීප