මෙරට තුළ සහල් සංචිතයක් නොමැති වීම හේතුවෙන් රටින් සහල් ගෙනඒමට සිදුව ඇතැයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම ඔහු සඳහන් කළේ සහල් සංචිතයක් පැවතියේනම් වී මෝල්හිමියන්ට සහල් මිල තීරණය කිරීමේ හැකියාව නොපවතින බවයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
“ගිය කන්නයේ අපිට සාර්ථක අස්වැන්නක් ලැබුණත් අපිට සහල් සංචිතයක් නෑ. මම දිගින් දිගටම ඉල්ලුවා භාණ්ඩාගාරයෙනුත් ඒ වගේම බැංකුවලිනුත් වී සංචිතයක් තියාගත්තා නම් මෝල්හිමියන්ට අපිට යටත්වෙන්න ඕන නෑ. අනවශ්‍ය විදියට ඒ අය මිල වැඩිකරද්දි අපිට හාල් එළියට දාන්න තිබුණා. නමුත් අපිට මුදල් ලබාගන්න විදියක් තිබුණේ නෑ. කුඩා ප්‍රමාණයක් අපි මිලදී ගත්තේ ගොවිජන භාරකාර අරමුදලේ සල්ලිවලින්. මම කිව්වා කඩිනමින් වී විදියට හෝ සහල් විදියට වෙළෙඳපොළට එවන්න කියලා. මම හිතන්නේ නෑ ඒ ටික මේ හිඟය පියවන්න ප්‍රමාණවත් කියලා.”