අද (01) පස්වරු 1 ට පමණ ඉන්දියන් සාගරයේ රිච්ටර් මාපාංක 5.4 ක ප්‍රබලත්වයෙන් ඇති වූ භූ චනලයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වෙරළේ සිට කිලෝමීටර් 1260ක පමණ දුරකින් මෙම භූ කම්පනය සිදුව ඇති අතර එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව සඳහන් වේ.
ගාල්ල , නෙළුව , අකුරැස්ස , කළුතර , පානදුර , කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට මෙම සුළු භූ කම්පන තත්ත්වය ඇති වී තිබේ.
නමුත් මින් සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.