අතුරුදහන් ගුවන් හමුදා සෙබලා සොයා ගැනේ.

යුද අභ්‍යාසයක යෙදී සිටියදී අතුරුදහන් වු ගුවන් භටයා අද (20) පස්වරුවේ අතරමංව සිටියදී සොයාගත් බව වාර්තා වේ.

මෙම ගුවන් භටයා කන්තලේ රක්ෂිතයේ පන්කුලම වැව් ඉස්මත්තේ අතරමංව සිටියදී සිදුකළ මෙහෙයුමකදී මෙලෙස ගුවන් හමුදාව විසින් සොයාගෙන ඇති බව සඳහන්.

අදාල මෙහෙයුම සඳහා යුද හමුදා විශේෂ බලකායද එක්ව තිබුණි.

මෙලෙස අතුරුදහන්ව දිනකට පසු සොයාගනු ලැබුයේ ගාල්ල, වක්වැල්ල පදිංචි ගුවන් භට (51415) එම්.ඩී.කවිෂ (22) නැමැති අයෙකි.

ගුවන් භටයා සතුව ටී 56 ගිණි අවිය සමග පතුරම් රහිත මැගසීනය සුරක්ෂීතව තිබූ බවට ගුවන් හමුදාව පවසයි.

මොරවැව ගුවන් හමුදා කදවුරේ මූලික පුහුණුව හදාරමින් සිටි මෙම ගුවන් සෙබලා පුහුණුවට ගොස් සිටියදී මෙලෙස අතුරුදහන්ව සිට තිබේ.

Exit mobile version