අතුරුදහන් වූ දැරියක් දුම්රියට බිලි.

දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මියගොස් ඇති බව වාර්තා වේ.

මාතර පොලීසිය සඳහන් කළේ ඊයේ (05) රාත්‍රී කාලයේදී වල්පල ප්‍රදේශයේදී ගාල්ල සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක ගැටී දැරිය මියගොස් ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 16ක් වන නෝනගම, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

මියගිය දැරිය නිවසින් අතුරුදන්වී ඇති බවට අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ද ලැබී ඇති බව ද සදහන්.

මෘතශරීරය මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version