මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී ඊයේ (21) පස්වරුවේ පුද්ගලයෙකුට කිසියම් අයෙකු විසින් තියුණු ආයුධයකින් අමානුෂික ලෙස පහර දුන් බවට වාර්තා වේ.
තුවාලකරුගේ නිවැසියන් මොරටු පොලිසියට කළ පැමිණිල්ලට අනුව විමර්ශණ ආරම්භ කර ඇති අතර පහරකෑමට ලක්වන පුද්ගලයාගේ දෑත්, මැණික් කටුව අසලින් වෙන් වන ලෙස කපා,එම අත් කොටස් සැකකරු විසින් රැගෙන ගොස් ඇති අතර එම අත් කොටස් සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර තිබේ.
තුවාලකරු මොරටුව කොරලවැල්ලේ පදිංචි 40 හැවිරිදි විදුලි කාර්මිකයෙකු විය.රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට කපා වෙන් වූ කොටස් තිබුණේ නම් එය බද්ධ කිරීමට හැකියාවක් පැවති බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබේ.