මධ්‍යම කඳුකරයට තඳ වැසි: ඉහළ කොත්මලේ වාන් දොරටු අරී!

මේ දින වල මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ ගණනාවකට ඇඳ හැළෙන අධික වැසි හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (03) දින සිට විවෘත කිරීමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසීය.

එම ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලි වල ඇද හැලෙන ජල ධාරිතාව ඉහල ගොස් ඇත.

කඳුකරයේ සංචාරය කරන ජනතාවට මෙන්ම එම ප්‍රදේශ වල ජීවත් වන ජනතාව දියඇලි හා ඇල දොළ ගංඟා වල දිය නෑම හෝ වෙනත් කටයුතු වල නිරත වීමේදී ප්‍රවේශම් විය යුතු බවද ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

සරත් සමරනායක

Exit mobile version