යුරියා,  MOP ලංකාවට රුසියාවෙන් ලැබෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සදහන් කොට ඇත්තේ  රුසියානු රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන යුරියා හා MOP පොහොර ලබා දීමට එකඟතාවය පළ කර ඇති බවයි.

එම  පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කොට ඇත්තේ, ශ්‍රී ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශ්වික සහයෝගිතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ රුසියා තානාපති හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක් අතරතුර මෙලෙස එකඟතාවය පළ කොට තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවතී මෙම සාකච්ඡාව සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීන් හා රජයේ   පොහොර සමාගම් වල සභාපතිවරු සහභාගී වී සිටි බව වාර්තාවේ.

Exit mobile version