පසුගිය අප්‍රේල් මස තුළ සංචාරකයින් ලක්ෂය ඉක්මවා පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව එක් ලක්ෂ 5,498 ක විදෙස් සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇති බවත් , මේ වර්ෂයේ ගත වූ මාස 4 තුළ විදෙස් සංචාරකයන් 440,000ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබේ.