මදුරු කීට ඝනත්වය පහළට .

මේ වනවිට රටපුරා මදුරු කීට ඝණත්වය පහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන පවසයි.

පසුගිය වසරේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිටෝ දර්ශක අගය 20 – 25 අගයක් දක්වා ඉහළ ගිය අතර මේ වනවිට එම අගය 10 – 15 දක්වා පහත වැටී ඇති බවට ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් කාලගුණයෙහි පවතින ක්ෂණික වෙනස් වීම් හමුවේ බිටෝ ඝණත්වය නැවත ඉහළ යා හැකි බව ද නජිත් සුමනසේන පවසා තිබේ.

Exit mobile version